ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා අත් අඩංගුවට
ජනාධිපති කාර්යාලයේ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් මුළා කර රුපියල් හත්ලක්‍ෂ අසූහත්දහස් පන්සියයක මුදලක් වංචා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අෂ්රොෆ් අලි නැමැති අයකු මෙම 30 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජීවන වියදම අඩු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම සහ හොරකම හා දූෂණය නැති කිරීම යන රජයේ දින සියයේ වැඩසටහනින් බලාපොරොත්තු වූ මූලික කරුණු තුනම මේ වන විට සාර්ථකව ජයගෙන ජනතාවට සහන ලබා දී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ. ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව තමාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව වහා නතර කරන්න ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ආරම්භ කළ සත්‍යග‍්‍රහය තවදුරටත් කි‍්‍රයාත්මකවේ.
ප්‍රවීණ සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද (16)පෙරවරුවේ අභාවප්‍රාප්තවී තිබේ.
සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර ඇත.
හෙට දින( 17) විවෘත වන ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය නොමිලයේම නැරඹීමට අවස්ථාව හිමිවේ.