මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විළිලැජ්ජාව කියා දෙයක් අැත්නම් කිසිවිටෙකත් හිටපු ජනාධිපති සමග සුසංයා්ගයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවත් වත්මන් ජනපති බදු තීරණයකට ඒමට තරම් ලැජ්ජ නහර කපාගෙන අැත්නම් ඒ පිළිබද කණගාටුවන බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විමල් වීරවංශ මහතා ගේ ජාතික නිදහස් පෙරමුණේ නායකයකු වන පියසිරි විජේනායක මහතා ලේකම් ධුරය හෙබවූ දේශප්‍රේමී ජාතික පෙරමුණ පක්ෂයේ නාමය ඊයේ දිනයේදී  ශ්‍රී ලංකා ජාතික බලය නමින් වෙනස් කෙරුණ අතර එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා එම පක්ෂයෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය. ඒ අනුව ලබන ජූලී මස 9 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන ‍රැළිය සඳහා රාජපක්ෂ මහත එක් වීමට නියමිතය.
ධුර කාලය අවසන් වුණු හිටපු දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා එම ඡන්දය පැවැත්වෙන තෙක් වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇති බව වාර්තාවේ. අද දින මෙම පත් වීම සිදු කර ඇත. 

රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) ‘හෙළිදරව්ව‘ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා දහසය දහසකට අධික පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට අයෑදුම්පත් එවා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලියාපදිංචි දේශපාලන පක්‍ෂ දෙකක නම් වෙනස්‌ කර ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.දේශප්‍රේමී ජාතික පෙරමුණ ශ්‍රී ලංකා ජාතික බලය ලෙසත් එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය, බොදු ජන පෙරමුණ ලෙසත් නම් වෙනස්‌ කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙක්ව ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමා තිබේ. මෙසේ ඝාතනය වී අැත්තේ තුෂාර දේවාලේගම නම් නැමැත්තෙකි. මෙම ඝාතනය සිදුව තිබෙන්නේ රත්නපුර දෑල නොරගල්ලේවත්තල දෙයියන්නේ දාල ප්‍රදේශයේ දීය.

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us