හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කිරීමේ පොලිස් කොට්ඨාශය අද (26)පෙරවරුවේ ස්ථාපිත කිරීමට නියමිතය. ඒ කොළඹ 03, කාලවිල් පෙදෙසේ පිහිටි පැරණි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාලයේදීය.

චීන ආධාර යටතේ කොළඹ ගාලු මුවදොර ඉදිවෙමින් පවතින පෝර්ට් සිටි (Port City ) ව්‍යාපෘතිය පිළිබඳ ව සොයාබැලීමට පත් කර ඇති කමිටුවේ සිටින මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි මහතා මෙය ඉදිකරන චීන සමාගම් වලද පරිසර උපදේශකයෙකු ලෙස කටයුතු කරන බව පරිසර සංවිධාන චෝදනා කරයි.

විදේශ ගතව සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26)දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දුම්රිය මගීන්ට ප්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීමේ වයි ෆයි පහසුකම් ඉදිරියේදී ලබාදීමට යයි. ජංගම දුරකථන මගින් හා ලැප්ටොප් මගින් මෙම පහසුකම් ලබාගත හැකි ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ භෝජනාගාරය සඳහා පවරාගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නැවත තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජය තීරණය කර ඇතැයි තැපැල් සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (25 දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගියේය.

ජනතාවට ලබාදුන් දින සියයේ පොරොන්දුව පිටුපස තබාගෙන දේශපාලන දඩයමක වත්මන් ආණ්‌ඩුව නිරතව සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබිණි.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us