සරසවි සිසුන් ඝාතනය කළ එළව එළවා පහර දුන් මහින්ද රාජපක්ෂ යුගයේදී ඒ හිස් මුදුනෙන්ම අනුමත කළ එවකට ඇමැති විමල් වීරවංශ ඊයේ (28)පොලීසිය සරසවි භික්ෂූන්ට එල්ල කළ පොලිස් පහර දීම හෙලා දැක නිවේදනයක් නිකුත් කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු නොව ග්‍රීන් කාඩ් හිමියෙකු පමණක් බැවින් ඔහුට 19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසි බාවය දරන්නෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැක බවට ගෙන ආ නීතිය බාධකයක් නොවන බව වාර්තා වේ.

 

අයවැයෙන් යෝජනා කෙරුණු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම හෙට සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

මීට වසර 10කට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු ධර්මරත්නම් සිවරාම් මාධ්‍යවේදියා වෙනුවෙන් සැමරුම් උළෙලක් ඊයේ(29) පැවැත්වුණි. මඩකලපු නගරසභා ශාලාවේ පැවැත්වුණු මෙම උත්සවය සදහා මඩකලපු මාධ්‍යවෙදීන්ගේ අාරාධනයෙන් උතුරේ මාධ්‍යවේදීන්,නැගෙනහිර මාධ්‍යවේදීන් මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.

මඩකලපු දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් www.thaayman.com (මව්බිම) නමින් පුවත් වෙබ් අඩවියක් ඊයේ (29) ආරම්භ කළේය.මෙම ආරම්භක උත්සවය මඩකළපුවේ සර්වෝදය පදනමේදී ඊයේ සිදුවූයේය.

ද්විත්ව පුරවැසිභාවය ලැබුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිගෙන ඇත. එබැවින්, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිය.

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් අද (30) අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (30)තෙක් රිමාන්ඩ් කළ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ලබන 13 තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.

ld add copy

Connet With Us