රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබූ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපෘති 02 ක් නිවාස හා සමෘද්ධි කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අදාල පනත් කොටුම්පත අද (06)පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව දිවයිනට ඖෂධ ගෙන ඒම, ඖෂධ වල ගුණාත්මක භාවය, ඖෂධ මිළ ගණන් සහ ඊට අදාල සියළුම කරුණු මෙම ප‍්‍රතිපත්තිය යටතේ අවධානයට ලක් කිරීමට නියමිතය.

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඊයේ (05) වන විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් අත්සන් කොට තිබේ.

පාරිසරික විනාශය ගැන නොසලකා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් තවදුරටත් සිදුකරගෙන යාමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන සිය විරෝධය පළ කරයි.

පාරිභෝගික ජනතාවට දරාගැනීමට නොහැකි ලෙසට මිල ඉහළ යමින් පසුගිය සති කිහිපය තිස්සේ එළවළුවල හිඟයක් පැවැතියේ අයහපත් කාලගුණය නිසා පමණක් නොව "දිවිනැඟුම" ව්‍යාපෘතිය යටතේ බෙදාදුන් පුස් එළවළු බීජ නිසා බවත් පෙන්වා දුන් නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධාන ලේකම් එම්. ජෝර්ජ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එවැනි හොර බීජ ගෙන්වීමට සම්බන්ධ නිලධාරීන් එයට වගකිව යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් මත ලබන 15 වැනි දින සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ නිල චාරිකාවක නිරතවීමට නියමිතය.

පසුගිය 29 වන දින මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සඳහා ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ පූර්ණ සහය හිමිවන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත ඊයේ පැවසුවේය.

ජනාධිතිවරණ කටයුතු සඳහා රජයේ මුදල් රුපියල් කෝටි 800 ක්‌ වියදම් කළ අයුරු ඒ ඒ ලේකම්වරුන්ගේ නම් ගම් ඇතිව අයවැය විවාදය අවසානයේදී හෙළි කරන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us