ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය ලබන 17 වැනි දින විවෘත කිරීමට නියමිතය.

නිවාඩු ලබා නොගෙන, හමුදාව හැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන් වේ.

අප්‍රේල් මස 15 වැනි බදාදා ලා කොළ පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 09.06 ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද , පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයට සුබ වේලාව දැන් පැමිණියා.

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 02.05 ට රතු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක්‌ හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක්‌ ද විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්‌ ද පිළියෙල කරගැනීම මැනවි.

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවූ වගයි.

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා එනම් අද පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්‌වා පුණ්‍ය කාලය පවතී.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ (12) රාත්‍රියේ සහ අලූයම අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් විසිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ld add copy

Connet With Us