එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගිය 08 වනදින මහලේකම් ධුරයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වුණි.

පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට කිසියම් පිරිසක් පහරදී තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක වල ලේකම්වරුන් හෙට දිනයේ කොළඹට කැඳවා තිබේ. ඒ ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් සඳහාය.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සභාව තීරණය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව දියත් කෙරෙන දින සියයයේ වැඩ පිළිවෙල යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිගටම සටන් කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:40

මේ රටේ මාධ්‍යවේදීන්ට හා ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අහිමිවී ඇති බවත් අහිමිවූ ඒ නිදහස ලබා ගැනීම සදහා කටයුතු කරන බවත් මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතා අද (10) පැවති මාධ්‍යවේදීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශකර සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්වන බවත් ඊට අදාල සාකච්ඡාවක් ඊයේ(09)දින ගෝඨාභය රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් ඇමැති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත්පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට තාවකාලික සුළු කම්කරුවන් සේවයට බඳවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Connet With Us