එසේම ජනපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙන විට ශ්‍රී ලංකාවේ තිරුපති දෙවියන් අදහන ඇමතිවරුන් දෙදෙනෙකු තමන්ට එකතු වූ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ පන්නල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති රැස්වීමක් අමතමිනි.

පසුගිය සතියක කාලයක් ඇතුලත ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට සිදු කෙරුණු පහරදීම් සහ බලපෑම් වලට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් අද(12) සවස 3.00ට කොළඹ කො‍ටුවේ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

2015 අය වැය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව අද පළමුවරට රැස්වීමට නියමිතවය. මේ නිසා පිල් මාරුව පිළිබඳ අද දිනයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමකට සහ මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වේ.මෙය කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයකි.

ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර තිබේ.

ගම්මන්පිල මහින්ද රාජපක්ෂට සහාය වීමට තීරණය කිරීම තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහුත් තවත් එක් දේශපාලකයෙක් පමණක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

නුවරඑළිය එජාපයට!

Published in පුවත්
Thursday, 11 December 2014 13:15

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව අැත.

ld add copy

Connet With Us