හල්දුම්මල, මීරිබැද්ද නායයාම හා ඒ ආශ්රිත ප්‍රදේශවල නායයෑමේ තර්ජන මතුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හාරමින් යන උමගේ බලපෑම බවට බරපතල සැකයක් ඇතිවීතිබෙන බව පරිසර වේදීන් සඳහන් කරයි.
ගෝපි, අප්පන් සහ තේවියන් යන එල්.ටී.ටී.ඊ. නායකයන් සමග සමීපව සබඳතා පැවැත් වූ කි‍්‍රයාකාරීයකු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැකකෙරෙන වන සෝමසුන්දරම් වසන්ත කුමාර් නමැති පුද්ගලයා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එ් කටාර් රාජ්‍යයේ සිට යළි ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
මේ වසරේ (2014) පළමු මාස අටේදී ලංකා විදුලිබල මණ්ඩලය රු.කෝටි 1970 ක මෙහෙයුම් අලාභයක් ලබා තිබේ.
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයාමෙන් පසුගියදා සිදුවූ නායයාමෙන් රූපවාහිනි ශිල්පියෙකු මෙන්ම නව පරපුරේ ගායකයෙකු ද වන ප්‍රසාද් දෙනෙත් මහතා මියගොස් තිබේ.
කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති අතර එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.