හම්බන්තොට සිදු කෙරෙන මහා පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට උද්ගතව තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 10ක් පමණ වෙඩි තබා හා විදුලි සැර යොදා ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප‍්‍රහාරයන්ට ලක් ව මිනිසුන් 7 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.
තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය ප්‍රබල අවියකි
නියඟයක් පැමිණි විට, ගංවතුරක් පැමිණි විට, නාය යෑමක් සිදුවූ විට දුප්පත්කම එහා මෙහා වන්නේ නම් ඒ දුප්පත්කම අනතුරුදායක මට්ටමක තිබේ. මෙම දුප්පත්කම තිරසාරව මැඩලීම සඳහා දුප්පත්කම 3% ට වඩා අඩුකළ යුතුය. එවැනි තත්ත්වයක් අත්පත්කරගෙන තිඛෙනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක පමණක් බවත් අනෙක් ප්‍රදේශවලත් තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ දැනුම, තාක්ෂණය හරහා ගොඩනැගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රබල අවියක් වන බවද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) උදෑසන කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ''විදුහුරු හෙටක් තිරසර රටක්'' ජාතික විද්‍යා සතිය 2014 ප්‍රකාශයට පත්කරමිනි.
මාලදිවයින් ත්‍රස්තවාදියෙක් ශ්‍රී ලංකාවේ සැඟවිලා
කොස්ලන්ද නාය යෑම අනතුරු අඟවා තිබුනා නම් රජයේ ආයතනයක් පවත්වාගෙන ගියේ ඇයි
ලංකාවේ උසාවියෙන් පෝරකයට යැවූ ඉන්දියානුවන් 5 නිදහස් කරගන්නවා
මත්කුඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියම වූ ඉන්දීය ජාතිකයින් 5 දෙනා කෙසේ හෝ නිදහස් කර ගැනීමට කටයුතු කරන බව තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ පන්නීර්සෙල්වම් පවසයි.