ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කරන කරුණු 07 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ඉෂ්ට නොකර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදී තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන බව එම පක්ෂය අවධාරණය කළේය. 

මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප‍්‍රමුඛ ජාතික බලවේග බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය කපා කොටා මරා දමන බවට රෝහලේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි රුවන් නැමති කොන්ත්‍රාත්කරුවෙකු විසින් තර්ජනය කර ඇතැයි වාර්ථා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්න මංසන්ධියේ ඉදි කර ඇති සත්‍යග‍්‍රහ අට්ටාලය ඊයේ  පස්වරුවේ පොලීසිය විසින්  ඉවත් කිරීමට පියවර ගත්හ.  ඒ,  බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනූවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිවේදීන්ගේ බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ වැදිය නොහැකි බව ප්‍රකාශ කරති.

ld add copy

Connet With Us