එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගම් ගත් තිරණය පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එසේම මෙම තීරණය භයානක තීරණයක් මෙන්ම ලෝකයම අස්ථාවර කළ හැකි තීරණයක් විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදීම තවමත් නිමා වී නැත. උෟව පළාත් සභා විපක්‍ෂ නායක, හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පැවසීය.
අපි ඊළම අතහැරියා : දැන් විධායකය අහෝසි කරන්න – TNA
තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ජනාධිපතිවරණය පෙනි පෙනී සිය ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට යළිත් වරක් "ෆොන්සේකා භීතිකාව" වැළඳී ඇති බව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.