විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කර තිබේ. 

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව 'ලංකා ඩේලි' වෙබ් අඩවිය පෙරේදා (04) කල හෙළිදරව්වෙන් පසුව, ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙන් කර ඇත. 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අට වන පියවර 2014 සැප්තැම්බර් 06 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අද දින අදාළ උළෙලට නිර්දේශිත පළමු වටයේ කෘති දහය ප්‍රසිද්ධ කර ඇත.

ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී කාන්තාවක බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරීමට පත් කළ විශේෂ කමිටුව කඩිනමින්  ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. 

මේ රටේ බලශක්ති කේෂ්ත්‍රය හසුරුවන තුන්හතර දෙනෙකු නිසා ජනතාවට අධික විදුලි බිලක් සහ අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මේ පිරිස පාලනය කිරීමට ශක්තිමත් ජන පෙළගැස්මක් නිර්මාණය කරගැනීම අවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ  (05 දා) පැවසීය.

ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා තනිව තරග කළ ද මොණරාගල දිස්ත‍්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත. 

මිහින් ලංකා පුද්ගලික සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සහ ලංකා ධීවර සංස්‌ථාව පසුගිය වසරේ දී (2013) රුපියල් නවසිය හැත්තෑ එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂ විසිහත්දහසක අලාභයක්‌ වාර්තා කර ඇතැයි ඇමැති ඩිව් ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (5 වැනිදා) ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

ld add copy

Connet With Us