ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බව පොලිස්පතිවරයා පවසා තිබේ.

බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එම පොලීසිය පැවසීය.

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නව මානයක් වෙත යොමු කරමින්, මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රථම ඩ්‍රෝන යානා නියමුවන් 100දෙනා විසිර යාමේ උත්සවය පසුගියදා සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අද(17) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ld add copy

Connet With Us