ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන්

Published in පුවත්
Thursday, 08 August 2024 12:35

එළැඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කර තිබුණි.

1955 උපත ලැබූ පාක්කියසෙල්වම් ආරියනේතිරන්, කොක්කටිචෝලෙයි සිවන් කෝවිලේ භාරකරු වේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි පුවත්පතක් වන තමිල් අලයි (දෙමළ රැල්ල) හි කර්තෘවරයා වූ ඔහු 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ (TNA) අපේක්ෂකයෙකු ලෙස දෙමළ කොටි විසින් තෝරාගනු ලැබූ නමුත් TNA අපේක්ෂකයින් අතරින් පස්වන ස්ථානයට පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අසමත් විය.

කෙසේ වෙතත්, කිංස්ලි රාසනායගම්ගේ ඉල්ලා අස්වීමෙන් පසු 2004 මැයි මාසයේදී ආරියනේදිරන් පාර්ලිමේන්තුවට පිවිසියේය. මේ පිළිබඳව ආරියනේදිරන්ට ඉඩ සැලසීම සඳහා රාසනායගම්ව දෙමළ කොටි සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඉල්ලා අස්වන ලෙස බල කළ බවට චෝදනා එල්ල වී ඇත.

ආරියනේදිරන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරී පත්වූ අතර 2015දී නැවත තේරී පත්වීමට අසමත් විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us