දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය.

ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීම වලට අනුව අඛණ්ඩව 7වන වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව තිබේ.

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා 3ක් පැවැත්වූ බව වාර්තා වේ.

ක‍ටුනායක කාර්ය බහුල වෙයි.මේ වසරේ ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින්  සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළ  ගොස් තිබේ.

ලංකා ඛනිජ තල්‌ නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල්‌ පිරිපහදුව ඉන්‌ ඉවත්‌ කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක්‌ වශයෙන්‌ පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත්‌ කළ කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Connet With Us