ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරමින් පවතින ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව 2024 දී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආධාරයක් ලැබිය හැකි බව මැනිලා හි අධ්‍යක්ෂ, තකාෆුමී කා‌ඩොනො (Takafumi Kadono) පවසයි.

ඒ අනුව සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අනුමැතිය ලැබීමෙන් පසුව එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බලශක්ති අංශයේ ණයක් මාර්තු හෝ අප්‍රේල් මාසයේදී පමණ ලැබීමට නියමිතය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක් ද වසරේ මුල් භාගයේදී අනුමත වේ. කුඩා සමාගම් සඳහා ණය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ණය ඇපකර නියෝජිතායතනයක් පිහිටුවීමට නියමිතය.

මූල්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ද මෙම වසර සඳහා ලබා දීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ අගභාගයේදී මුල්‍ය අංශයේ ප්‍රතිපත්ති ණයේ පළමු වාරිකය ලබා දුන්නේය.

ජල අංශය සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 100ක් වසර අගදී අනුමත වීමටද නියමිතය.

සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ත් 300ත් අතර ප්‍රමාණයක් අඩුම අනුපාතිකයට හෝ සියයට 2ක සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් (COL) අනුපාතයට ලබාගත හැකිය. ආසියානු සංවර්ධන බැංකුව 2024-2028 කාලසීමාව ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සඳහා ‘රටේ හවුල්කාරිත්ව උපාය මාර්ගයක්’ පිළිබඳ වැඩ ආරම්භ කර ඇති බව ද කඩෝඩෝ පවසයි

 

රට බංකොලොත් වුණේ 75 වසරක සාපය හේතුවෙන් නොවන බවත් අධික ලෙස ණය ගත් නිසා බවත් ශ්‍රී ලංකාව මේ වනවිට ඩොලර් බිලියන 90 ක් ණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවැසීය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීම එළැඹෙන මාර්තු 05 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටි.

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

අද (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ld add copy

Connet With Us