ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අද (22) දින මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ld add copy

Connet With Us