පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය.

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දින දෙකක් අඛණ්ඩව පැවැති සෞඛ්‍ය වැඩ වර්ජනය අද (15) උදෑසන 06.30 සිට අවසන් බව, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද (15) කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

ld add copy

Connet With Us