මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටි රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

හිටපු අමාත්‍යවරයෙකු වු අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නල ක්‍රීඩාංගණයේදී හෙට (20) පස්වරු දෙකට සිදු කෙරේ.

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.

ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග අද(19) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ පළමු පාසල් වාරය අද(19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ld add copy

Connet With Us