මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ. ඒ, ඔවුන් ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙනි.

පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අද දින (28) පැවැත්විනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැති බවත් එ තමන් එය පෞද්ගලිකව විශ්වාස කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පවසා තිබේ.

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට  පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ld add copy

Connet With Us