දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භ වීමට නියමිත ව තිබේ.

පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවස‍යි.

අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව ඇති බව වාර්තා වේ.

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබේ.

මේ වනවිට රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.

ld add copy

Connet With Us