සුදු තිරි­වාණා නිධි­යක් නිසා නිවන් මඟ වැරදුනු භික්ෂු­ව ලක්ෂ 27ක් නැති කරගෙන

Published in පුවත්
Monday, 01 July 2024 11:44

මහි­යං­ග­ණයේ ඇති සුදු තිරි­වාණා ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු­දෙන බව පවසා භික්ෂූ­වක නොමඟ යව­මින් රුපි­යල් ලක්ෂ 27කට ආසන්න මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් භික්ෂූ­ව­කට සහ භෞත චිකි­ත්ස­ක­ව­ර­ය­කුට එරෙ­හිව ලද පැමි­ණි­ල්ලක් මත කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

කළු­තර ප්‍රදේ­ශ­යේම භාවනා සෙන­සු­නක හිමි­න­මක විසින් කළ පැමි­ණි­ල්ලක් මත මෙසේ පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. මහි­යං­ගණ ප්‍රදේ­ශයේ ඇති තිරු­වා­නා­ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු දෙන බවත්, ඒ සඳහා ආයෝ­ජ­නය කිරී­මට බව පව­ස­මින් ණයට මුදල් ලබා­ගෙන ඇති බව ද සඳ­හන් වේ.

සැක­කාර භික්ෂූව සිය මිතු­රකු වන කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ භෞත චිකි­ත්ස­ක­ව­ර­යකු සමඟ එක්ව වංචාව සිදු­කර ඇති බවට පැමි­ණිල්ලේ සඳ­හන්ව ඇතැයි ද පොලි­සිය පව­සයි.කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය වැඩි­දුර විම­ර්ශන පව­ත්වයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us