ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හිටපු ජනපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන හමු වී තිබේ.

ඇඟලුම් කර්මාන්තය 2023 සෘණාත්මක වර්ධනයක් සහිත වුවද වසරක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම කාර්ය සාධනය සනිටුහන් කරමින් දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් අපනයනය යළි පිබිදීමේ ලකුණු පෙන්නුම් කර ඇත.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

ජනවාරි පළමු දින 21 තුළදී, 142,162 කට අධික විදේශ සංචාරකයන් ප්‍රමාණයක් සිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර, එය 2024 දී සිය සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීමට රට දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

වැටුප් වර්ධකය ලබානොදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පවසයි.

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හියුමන් ඉමියුනොග්ලොබියූලීන් පිළිබදව දුන් ප්‍රකාශට අදාළව විමර්ශන කණ්ඩායම් විසින් ආයතන කිහිපයකින් අවශ්‍ය ලිපිගොනු තොගයක් ඉල්ලා තිබේ.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කෙරේ.

ld add copy

Connet With Us