ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද?

මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ.

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධ කාරණා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සුබපැතුම් එක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙම වසරේ (2024) පළමු මාස 3 තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්මවා එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

පසුගියදා ඉන්දියාවේ සිට මෙරට පැමිණි ඉන්දියාවේ අයෝධ්‍යා නගරයේ පිහිටි විශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන පූජක ධූරන්දර මෙන්ම ශ්‍රී රාම් ජන්ම භූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අති උතුම් ගෝවින්ද් දේව්ගිරි මහ රජ් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සහ ඉන්දියානු ආයෝජක කණ්ඩායමක් අද දිනයේදී මහනුවර සංචාරයක නිරත විය. ගෝවින්ද් දේව්ගිරි පූජකතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීපතම පූජකවරයා ලෙසත් සැලකේ.

ගෙවී ගිය දිනයන්හී ඉහළ ගිය ලෝක බොර තෙල් මිල මේ වන විට යළි පහළ ගොස් ඇති බව වාර්තාවේ.

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි.

ld add copy

Connet With Us