දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනට එක්වෙමින් රුධිරය ලබාදුන් පිරිස අතරින් ඒඩ්ස් වෛරසය ශරීරගතවී සිටි පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

2024 වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉහළ ආදායම් බද්දක් අයකිරීමට විරෝධය පළකරමින් අද (13) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ගල් අඟුරු හෝ ඉන්ධන ආනයනයේදී කොමිස් ලබාගෙන ඇතැයි තමන්ට චෝදනා කරන්නේ නම් එය ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අභියෝග කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

ld add copy

ක්‍රීඩා

Connet With Us