පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් හැකි ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා මේ වනවිට එහි කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත.

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගිතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) සහයෝගය පළ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසලකා එම ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද (03දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

බංග්ලාදේශ රජයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් 58000 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී ලැබීමට නියමිත බව වාර්තා වේ. එම ඖෂධ අතර පිළිකා හා වකුගඩු සදහා අවශ්‍ය ඖෂධ මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ඇති බවත් සදහන්.

ld add copy

Connet With Us