කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂය කුමන ප්‍රචාරයක් ගෙනගියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙමින් පවතින බව පාර්ශ්ව ගණනවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැහැදිළිකර දි ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම වසරේදී වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කර තිබිණි.

වැට් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට මුදල් ගසා කෑමේ වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා දැඩිව නීති රීති ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

ld add copy

Connet With Us