සමෘද්ධිය අහෝසි කරන්නේ නැහැ - ශෙහාන් සේමසිංහ

Published in පුවත්
Wednesday, 06 March 2024 13:49

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  පවසා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි

එමෙන්ම ඔහු පැවසුවේ සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් බවත් එය ඉදිරියට ගෙනයන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

"ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබාදුන්නේ, පවතින ක්‍රමවේදය තුළ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට මේ අනිවාර්ය දායකත්වය ලබාදිය යුතු මුදල් කාණ්ඩය කපාගෙන ඉතිරි මුදල් ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට ඍජුවම ලබාදීමට හැකියාවක් නෑ. ඒ නිසා අපි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට හා සමෘද්ධි දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබාදීලා තියෙනවා. ලක්ෂ 20ක ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා 2024 ජුලි මාසයේ සිට වැඩිකරන අවස්ථාවේ දී මේ සියලු ප්‍රතිලාභීන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට දායකත්වය සපයන ක්‍රමවේදය සකස් කරන්න කියලා. මේ වනවිටම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා මේ දායකත්ව මුදල දැනට ප්‍රතිලාභය ලබන බැංකු ගිණුමෙන් සමෘද්ධි ව්‍යාපාරයට බැර කිරීම සඳහා..."

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us