දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූ‍ත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (06) දින උපදෙස් දී ඇත.

හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවය.

ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.

ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ‘දිවයින’ පුවත්පතට ඊයේ (5 දා) පවසා ඇත.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

සහන මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් අද (06) දිනයේදී හඳුන්වා දෙන බවත් ඒ අනුව එම අංකයට ඇමතුමක් ලබා දී අවශ්‍ය එළවළු සහ මාළු වර්ග නිවසටම ගෙන්වා ගත හැකි බවත් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

ld add copy

Connet With Us