යම් පුද්ගලයෙකු සේවයට යෙදවීමේ හැකි වයස අවුරුදු 12 සිට 18 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ දිනවල කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමත් සමග රෝහල් තුළ සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වී ඇති බව වාර්තා වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ගුරු - විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ගුරු සංගම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා සමග ගුරු සංගම් නියෝජිතයින් මේ වනවට එම සාකච්ඡාවට සහභාගිවී සිටිනවා.

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කර තිබෙනවා.

විදෙස් රටවලින් සේලයින් මිලදී ගැනීම සැප්තැම්බර් මස 01 වෙනිදායින් පසු සම්පූර්ණයෙන් නවතන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර තිබේ.

මෙහෙකාර දැරිය පිලිස්සී මියගිය සිද්ධිය පිළිබඳ නිසිලෙස පරීක්ෂණයක් කර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව පියවර ගත යුත්තේත් පාලකයන් විසින්ම යැයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (26 දා) ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ld add copy

Connet With Us