කොවිඩ් රෝගීන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල් පිරී යමින් පවතින බැවින් ඇතැම් රෝහල්වලට රෝගීන් භාර ගැනීම නතර කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසයට මුහුණදීමේදී එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකාබැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි තවත් තරුණියක ඇමැති බිරියගේ සොහොයුරා විසින් නිවසේදී දැඩි ලෙස අතවරයට ලක් කර ඇතැයි ඊයේ (01 වැනිදා) අනාවරණය වී ඇත.

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කර ඇත.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද(31) සවස ශ්‍රී ලංකාවට ලැබෙන බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බවය. එන්නත් මෙරටට ලැබෙනුයේ ජපානය කොවැක්ස් වැඩසටහන හරහායි.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ld add copy

Connet With Us