එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් සහ ඉන්දියාවේ සිටි තවත් ශ්‍රි ලාංකිකයන් 139 දෙනෙකු අදත් දිවයිනට පැමිණියා. 

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වේගයෙන් බඩු මිල ඉහළ යන බවත්, කොරෝනා තත්ත්වය නිසා අර්බුදය තවත් උග්‍ර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හෙට දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

උත්සව සමයේ රට වසනවායැයි පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.

ld add copy

Connet With Us