මෙරටින් වාර්තා නොවූ ,කොවිඩ් නව ප්‍රභේද ආසාදිත යැයි සැක සහිත රෝගියෙකු පළමු වරට මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙක් වන අතර නිශ්චිතවම නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

-පංචාලි අබේසේකර

කථානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද(12) පස්වරු 2.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද තීරණය කිරීම සදහා මෙය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

දුෂ්කර පළාත්හි තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයන් ඊයේ (12) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විරෝධතාවය අතරතුර ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කිරීම හේතුවෙන් හිමියන් අත්අඩංගුවට ගත් බවය.


-News 1st

එළඹෙන 21 වනදා සිට සංචාරකයන් මෙරටට පැමිණිමේ සිට පිටව යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් ගේ තොරතුරු ලේඛනගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් (Low-floor bus) නව බස්රථ 200ක් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේනවා.

රාජකාරී සම්බන්ධයෙන් නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මාක්ස් පැළද නොසිට, මාක්ස් පළඳින්න යැයි ජනතාවට කියමින් රටට නීති හදන්න සුදානම් වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල පවසනවා.

ld add copy

Connet With Us