ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ශ‍්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (23දා) සැලකිය යුතු පිරිහීමකට ලක්වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 193 ද පසුකරගෙන ගියේය.

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

උදාවන අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙම වර්ෂයට නියමිත විෂය නිර්දේශ ආවරණය වී නොමැතිනම් ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් සකස්කර එම කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සියලු පළාත් බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවට බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බැවින් වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසනවා.

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882 ක් ලෙසයි වාර්තා වෙන්නේ.

ආණ්ඩුව බෞද්ධයින්ට පාංශුකූලයත් අහිමි කර ඇති බවත්, මේක සියලු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

ld add copy

Latest News

Connet With Us