අකලට වියපත් වීම වළක්වා ගන්න Omega 3

Published in අනං මනං
Monday, 06 November 2023 13:57

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega) 3 මේද අම්ල ගැන ගොඩක් අය කතා බහ වෙන කරුණක්.

මත්ස්‍යයන් තුළින් මේ ඔමේගා 3 ශරීරයට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය වන මේද අම්ලයක් වන මෙම ඔමේගා 3 පෝෂණය අපේ ශරීරයෙන් නිෂ්පාදනය නොකිරීම නිසා ශරීරයට ආහාරවලින් ලබා ගත යුතු වෙනවා.

කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඔමේගා 3 ආහාරවේලකින් ලබා ගන්න ටිකක් අපහසු කාරණාවක් නමුත් අපිට අතිරේකයක් වශයෙන් ශරීරයට එකතු කරගන්න හැකියාව තිබෙනවා.

ෆිෂ් ඔයිල් (fish oil) බොන්න හැම දේටම හොඳයි...

මේ වගේ බොහෝ කතා fish oil එක්ක කතා වෙනවා. ගොඩ දෙනෙක් විවිධ හේතුවලට මේවා ගන්නවා. ඉතින් අද fish oil වල මිත්ත්‍යාවන් සහ නිවැරැදි භාවිතය ගැන කතා කරමු.

ෆිෂ් ඔයිල් වල අහල ඇති ඔමෙගා 3 ෆැටි ඇසිඩ් සහ ඔමෙගා 6 කියලා තියනවා. මේකෙන් වඩාත්ම වැදගත් වෙන්නෙ ඔමෙගා 3.

ෆිෂ් ඔයිල් වලට කොලෙස්ටරෝල් අඩු වෙනවද? කියල ‌ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ෆිෂ් ඔයිල්වලට කොලෙස්ටරෝල් අඩුවෙන්නේ නැහැ. බොහොම සුළු ප්‍රමාණයකින් ශරීරයේ තිබෙන හොද කොලෙස්ටරෝල් ( HDL) වැඩි කරනවා.

ඇත්තටම වෙන්නෙ, අපේ රුධිරගත කොලෙස්ටරෝල් ඔක්සිකරණය වෙලා කොලෙස්ටරෝල් තැම්පත් වීමක් වෙනවා. මේක තමයි නරක. ඉතින් මේ ෆිෂ් ඔයිල් වලින් මේ තැම්පත් වීම නවත්වනවා. මේ නිසා හදවත් රෝග අවදානම අඩුකරනවා. ඔමේගා 3 මේද අම්ල මගින් ට්ර්යිග්ලිසරයිඩ් විශාල ප්‍රමාණයකින් අඩු කරන්නට දායක වෙනවා. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නත් දායක වෙනවා. ඔමේගා 3 වලට හැකියාව තියෙනවා රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වා හානිදායක රුධිර කැටි ගැසීම් වලක්වා ගන්න. එසේම ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් දායක වෙන ඔමේගා 3 අඩංගු මෝරතෙල් හදවතේ ගැටලු ඇති වීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා.

ඒ වගේම මෙම ඔමේගා 3 වලින් පිළිකා මර්දනය කරනවා. කාන්තාවන් භාවිතා කළ යුතු තෙල් වර්ගයක් විදියට මෝරතෙල් හඳුන්වන්නට හැකියාව තියනවා. මෝරතෙල් කාන්තාවන්ගේ වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්ථිවල ගැටලු සඳහා වගේම කාන්තාවන් බහුතරයකට ඇතිවන පියයුරු පිළිකා මර්දනය කිරීමේ හැකියාවකුත් මේ මෝර තෙල් සතු නිසා. මේ මගින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම පියයුරු පිළිකා මර්දනය සඳහා දිගුකාලීන ප්‍රතිකර්මයක් ලෙසත් මෙය ඉතා වැදගත් වෙනවා.

ඔසප් වේදනාව අවම කිරීමත් ෆිෂ් ඔයිල් වල ඇති ඔමෙගා 3 මගින් සිදුවෙන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඔසප් වීමේදි දරුණු වේදනාවන්ට ලබා දෙන ඖෂධ වලට වඩා ඔමෙගා 3 අතිරේකය වඩාත් ඵලදායි බවත් සොයාගෙන තියෙනවා.

අපි හැමෝම කැමති දෙයක් තමයි අපේ සම සුන්දරව නිරෝගී පැහැපත්කම රදවාගන යන්න. මේ ඔමේගා 3 පෝෂකයෙන් නිරෝගී සමක් ලබාදෙනවා. සමේ තෙතමනය ආරක්ෂා කිරීමට, සමේ කුරුලෑ, ලප කැළැල් ඇති වීම අඩුවීමටත් උදව් වෙන මේ ඔමේගා 3 භාවිතයෙන් අකලට වියපත් වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. වැඩිහිටි පුද්ගලයන්ගේ මතකය අඩුවීම අවම කර හොඳ මතක ශක්තියක් පවත්වා ගෙනයාමටත් උපකාරී වෙනවා.

අපි නිතරම මාලු ආහාරයට ගන්නවා, ඒක නිසා අපිට ෆිෂ් ඔයිල් ගන්න ඕනි නෑ නේද? කියල කවුරු හරි අහනවා නම් ඔබ දැන ගත යුතු කරුණක් තමයි ඔමේගා 3 අඩංගු වන්නේ කුඩා මත්සයන්ගේ බව. ඔබ විශාල මාලුවන් ආහාරයට ගන්නවා නම් ඔබට ඔමේගා 3 ලබා ගන්න හැකියාවක් නැහැ. මුහුදු පත්ලේ තිබෙන කුඩා පැළෑටි ආහාරයට ගන්නා මසුන්ගේ තමයි ඔමෙගා 3 බහුලව පවතින්නේ.

ඒ කොහොම වුණත් ෆිෂ් ඔයිල් අපේ ශරීරයට බෙහෙවින් හිතකර ප්‍රතිලාභ ලබාදුන්නත් එය නිසි මාත්‍රාවකින් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබා ගැනීමට කටයුතු කිරීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු fish oil ලබා ගැනීමට ඔබ විශේශයෙන්ම සැලකිලිමත් විය යුතු බව අපි ඔබට මතක් කරනවා.

 

-RS

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us