අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්නගේ දැක්ම Featured

Published in කලා
Friday, 22 December 2023 12:55

අධිනීතිඥ රන් බණ්ඩා ගැන අමුතු හැඳින්වීම් අවශ්‍ය නැත. ඔහු වැඩිපුරම ලියා ඇත්තේ ගීත විය හැකිය. එහෙත් ඒ හැම ගීතයකම යටිබිම තුළ නින්නාද වන පණිවිඩය සමාජය සිසාරා ගියේ ඇතුලාන්තය දෙදරුම් කවන දැඩි කම්පනයක් ඇති කරමිනි. උලලේණා ගීත පිටපත කියවා මේකේ කියන්නේ උලලේණෙක් ගැන නම් නොවේ කියා කපුගේ ඩී.එස්.දයාරත්නට කීවේ ඉහතින් කියන ඒ කම්පනය නිසාය.

රන් බණ්ඩා මිය ගියේ ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැති දවසේය. ඔහුගේ අභාවය ගැන දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකු ලියූ ලිපියේ තැනක මෙසේ සඳහන් විය. අපරාදේ හිටියා නම් වමේ ඡන්දයක් ෂුවර්. ඒ ලේඛකයාත් මගේ මිතුරෙකු නිසා මම නම සඳහන් කිරිමට නො කැමැත්තෙමි. රන් බණ්ඩාගේ මරණය තක්සේරු වුණේත් ඔහු සතු කතිරය මුල් කොට ගෙනය. ලංකාාවේ පවත්තේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදයකි. එය ලෙඩා මැරුණත් බඩ සුද්දවීමේ කියවීමට සමීපය. එහෙත් සමහරු හිතන විදියට රන් බණ්ඩා සෙනෙවිරත්න යනු වමේ ඡන්දයක් නම් නොවන බවට ලිඛිත සාක්ෂි තිබේ.


රන් බණ්ඩා සෙනෙවිරත්න ලංකාවට අලුත් දේශපාලනයක් නමින් 1999 ඔක්තෝබරයේ භාෂා තුනෙන්ම ලියා පළ කළ කෘතියේ හැඳින්වීමේ මෙසේ ලියා තිබේ.

“1971 වන විට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත්ව තිබිණ. මගේ පවුලේ අපි 14 දෙනෙකි. එයින් හත් දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී සිටියාහ. මුලදී ජවිපෙන් යහපතක් අපෙක්ෂා කළද, පසුව ඒ පක්ෂය විනාසය කරා යොමුවූ බව තේරුම් ගත් මා ඒ බව මගේ සහෝදර සහොදරියන්ට කීවද ඉන් පලක් නොවීය. ආයුධ සන්නද්ධ අරගලය දියත් විය. එයින් සිදුවූ හරිය දැණ් කවුරුත් දනිති. මගේ සහෝදරයෙකු මියගිය අතර, හය දෙනෙක් සිර බත් කෑහ. අපගේ මහ ගේ ඇතු`ථ වස්තුව විනාස විය.” ඒ සටහනේ තව තැනක, සෝමපාල ගරුසිංහ කෙනෙකු ගැන කියැවේ. රන් බණ්ඩා සෙනෙවිරත්නට අනුව ගරුසිංහ 71 සන්නද්ධ අරගලයේ උතුරු මැද පළාතේ සේනාධිපතියෙකි. ඔහු කැරැල්ලට පසුවද හය වසරක් කැලයේ සැඟවී සිට ව්‍යාපාරය යළි ගොඩ නැගීමට උත්සාහ කරමින් සිටියදී බලධාරින්ට හසුවී බන්ධනාගාර ගතව සිටියදී ඔහු බේරා ගෙන ඇත්තේද අධිනීතිඥ ඇත්තේ රන් බණ්ඩා සෙනෙවිරත්න විසිනි.

රන් බණ්ඩා සෙනෙවිරත්නට මේ පොතට මුල්වූ අත් පිටපත කියවා එය භාෂා තුනෙන් මුද්‍රණය කරවා ප්‍රසිද්ද කරන ලෙස බල කර ඇත්තේ එකී සෝමපාල ගරුසිංහ විසිනි. ඒ පොතේ 54 වෙනි පිටේ කොටසක් මම මෙසේ සාරාංශ කරමි.

“1970දී වාමාංශික සභාග රජයක් බිහිවිය. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ පිරිසක් පීටර් කෙනමන්ගේ ගෙදරදී හමුව සාකච්ඡාවක් කළෙමු. පසු කලෙක එජාපයෙ පතාක ක්‍රියාකාරිකයෙකුවූ හෙක්ටර් අලහකෝන් නම් විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයා එහිදී පීටර් අමතමින් විශ්වවිද්‍යාලයේ කොල්ලෝ පිරිසක් විශාල අරගලයකට අර අඳිමින් රහසේ රැස්වීම් පවත්වනවා. අවි ආයුධ එකතු කරනවා. අප මේ ගැන සොයා බැලිය යුතු බව කීය. ඒ අවස්ථාවේ රන් බණ්ඩා සෙනෙවිරත්න ඇතු`ථ කිහිප දෙනෙකු ද හෙක්ටර් අලහකෝන්ට එක්ව කළ සිය`ථ කරුණු දැක්වීම් අසා සිටි පීටර් කෙනමන් මෙසේ කියා තිබේ. සහෝදරයා ශිෂ්‍යයෝ කියන්නේ පන්තියක් නොවේ. හෙට දවසේ වැඩිහිටියන් වී රස්සාවලටට ගියාට පස්සෙයි ඔවුන් පන්තිය තෝරා ගන්නේ. එවිටයි බලවේගයක් වෙන්නේ. මොන රටකවත් ශිෂ්‍යයෝ බලවේගයක් වෙලා නෑ”
පීටර්ගේ ප්‍රතිචාරය තැන හෙක්ටර් රන් බණ්ඩා ආදි කිසිවෙකු එහිදී එකඟ වී නැත. එහිදී පීටර් කතාව අවසන් කළ ආකරය රන් බණ්ඩා මෙසේ සටහන් කැර ඇත.

“අපි මේ ක්‍රීඩාවේ අවුරුදු තිහක් විතර ඉඳලා තියෙනවා. මම දන්නවා කරන්ඩ පුලුවන් දේ. බැරි දේ. වෙන්ඩ පුලුවන් දේ. බැරි දේ. මං කියන දේ අහන්න. ශිෂ්‍යන්ට අරගලයක් දියත් කරන්න බෑ. මේ කතාව රන් බණ්ඩා සෙනෙවිරත්න අහවර කරන්නේ මෙසේ ය. අවුරුද්දක් යන්ඩ ඉස්සර 1971 කැරැල්ල ආවා. අන්න එහෙමයි අපේ නායකයෝ සිතුවේ. ක්‍රියා කළේ. ඒ අයට රත්තරන් මොල තිබුණා. නො තිබුණේ ඇස් කන්”

මෙම සාරාංශ කළ සටහනේ රන් බණ්ඩා සෙනෙවිරත්නට අමතරව සෝමපාල ගුරුසිංහ හෙක්ටර් අලහකොන් පිටර් කේනමන් ආදි ලෙස නම් තුනක් දැක්වේ. එයින් හෙක්ටර් අලහකෝන් යුඇන්පියට එක්වී ඇත. මේ තත්වය විස්තර කරන රන් බණ්ඩා ලියූ සටහන් මේ පොත හැටියට පළ කරන ලෙස බල කර ඇත්තේ සෝමපාල ගරුසිංහ විසිනි.

ආර්.බී. ජීවත්ව සිටියා නම් ඔහුගේ පොත ගැන අපට ප්‍රශ්න කළ හැකිව තිබිණ. එදා ඔහු පොත පළ කළේ අලුත් මතයක් ඇති කිරීමටය. එහෙත් 1970දීම රන් බණ්ඩා ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත් ආකරය මෙන්ම පීටර් කළ විග්‍රහය මෙහිදී වැදගත් ය. ජවිපෙ පිළිබඳ 1970දී රන් බණ්ඩා කළ විග්‍රහය, පවුලේ බාල සොහොයුරන් පවා පිළි ගෙන නැත. රන් බණ්ඩා ඉතිරි කළ මතවාදය වසර පනස් තුනක් ගෙවී ගිය වර්තමානය පිළිබඳ පූර්ව කතනයකි. එය ඓතිහාසික කියවීමක් ලෙස හඳුන්වා දීමට මම කැමති නොවෙමි. හේතුව අද මාලිමාව සමග පෙළ ගැසුණ බහුතරය බයියන් රාජපක්ෂලා අදහන්නා සේ අනුර කුමාරලා අදහස නිසාය. හෙවත් ආර්.බී.ටත් නාකියා මැරිච්ච එකමයි හොඳ යයි කියන නිසාය.

එකී කෘතියේ 69 පිටේ මහජන මතය කුමක්ද යන්න රන් බණ්ඩා මෙසේ විස්තර කරයි,

‘‘සිය`ථම ආගම් සහ මතවාද මෙන්ම මහජන මතයද තවත් නිෂ්පානදයකි. කවුරුන් හෝ මුල්ව නිපදවා ප්‍රචාරය කර හරින මතයක්, පිළිගන්නා පිරිසක් ඇතිවූ විට එය මහජන මතය වේ. මහජන මතය යනු නො සතුටට පත් සු`ථ කිහිප දෙනෙකුගේ කන්කෙඳිරිය බව මහාචාර්ය අයිවෝර් ජෙනින්ස් උපුටා දක්වමින් මහජන මතය කියා දෙයක් නැති බව කියන රන් බණ්ඩා...... මෙසේ ඊට ඊට උදාහරණ දක්වයි.
‘‘අද හන්දියේ වේදිකාවක සිට චන්ද්‍රිකාට පහර ගසමින් උපහාසයට ලක් කරමින් රනිල් කතා කරන විට අත්පොළසන් දෙමින් සතුට පළ කරන අයම හෙට එතැනම ඒ වේදිකාවේම රනිල් උපහාසයට ලක් කරමින් චන්ද්‍රිකා කතා කරන විට අත්පොඩි ගසති. ඉන් අනතුරුව පොදු මතයක් තබා මිනිසාට තමා ගැනවත් මතයක් නැති බව කියන රන් බණ්ඩා සෙනෙවිරත්න, ඊට මෙසේ උදාහරණ දක්වයි. තමන්ට හොඳ මොනවාද නරක මොනවාද කියා හෝ මතයක් සාාමන්‍ය මිනිසාට නැත. සාමන්‍ය මිනිසා ඔහුගෙන්ම ආරක්ෂා කිරීමට රජයකට සිදු වී ඇත. සුරාසූදු මත් ද්‍රව්‍ය තහනම් කිරීම, ගණිකා මඩම් තහනම් කිරීම, ගිනි අවි භාවිතය තහනම් කිරීම, වාහන වේග සීමා මාර්ග නීති ආදි කී නොකී විධිවිධාන යොදා උත්සාහ කරන්නේ මිනිසාව ඔහුගේ අනුවන කමින් ආරක්ෂා කිරීමය, මහජන මතයට ඉඩ හැරියොත් සුරා සූදු මත්කුඩු භාවිතයෙන් කුමක් සිදුවේද? මෙවැනි නිදහසක් අමෙරිකාවෙක් නැති බව ආර්.බී. සිහිපත් කරයි.

රන් බණ්ඩා ජීවත්වූ 1970 කාලයේ ආයුධ ගත් අරගලයක් ගැන ඔහු මෙන්ම හෙක්ටර් කලබල වුණේ ඇයි? එකල රටේ පැවති රැජිණගේ හෝ රජ්ජුරුවන්ගේ ආණ්ඩුවේ පාලනය නිසාය. හෙවත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අනුගත සෝල්බරි ව්‍යවස්ථා නීතියයි. ඒ යටතේ කිසිදු රස්සාවක් තරග විභාගයකින් සම්මුඛ පරීක්ෂණකින් තේරෙන සුදුස්සාට මිස එහෙයියන්ට ලැබුණේ නැත. එසේම සකල රාජ්‍ය පරිපාලනය සඳහාම නිත්‍ය නිතී රෙගුලාසි නියමව තිබිණ. දේශපානඥයන්ගේ යෝජනා නිර්දේශ කළේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරින්ට පැවරී තිබිණ. පොලිසියට නීතියට කළ බලපෑම් බෙහෙවින් අවම විය. රාජ්‍ය සේවයේ කවුරුත් වරදට බිය විය. රටේ අද තත්වය කුමක්ද? විනිසුරුවන් පත් කරන ජනාධිපති අධිකරණයට අපහාස කළ එකාටත්, ජනාධිපති සමාව ලැබේ. එහි ප්‍රතිපලය මිනිසාගේ ආරක්ෂාව සඳහා නිර්මානය කළ රටේ නීතිය පාච්චල් වීමය. දූෂණය වංචාව මැඩලීමට ජනතාව ඒකරාශී කරන දේශපාලන ව්‍යාපාර නිර්බාධිත රාජ්‍ය සේවයට අකුල් හෙළන්නාහ.


ටෙලිකොම් සේවකයන් හා තැපැල් සේවකයන් මේ දිනවල වීදි බැස සිටින්නේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් නොවේ. රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිවය. ගුරුවරු සටන් කරන්නේ ගුරු සංහතියෙන් බහුතරයකට අදාළ නොවන රටේ ලක්ෂ හතරක් වන වෘත්තිකයන් බදු නීතියෙන් බේරා ගැනීමටය. ආයතන විකිණීම හෝ පුද්ගලිකරණය කිරීමත් රාජ්‍ය දේපලක් රටට වාසිදායක ආයෝජනයක් සඳහා යෙදවීමත් බදු නිතිය සංශෝධනය කිරීමත් රාජ්‍ය වගකීමකි. මේ විරෝධතා මහාචාර්ය අයිවෝර් ජෙනින්ස් කී ආකාරයට ඉස්මතු වන්නේ නො සතුටට පත් කිහිප දෙනෙකුගේ කන්කෙඳිරියක් නොවේද? දහ දොළොස් දහසක් වෙනුවෙන් ලබන පාඩුව පියවීමට කෝටියකට වැඩි විදුලි පාරිභෝගිකයන් බිල් ගෙවිය යුතුද? ජෙනිංස් කියන කිහිපදෙනෙකුගේ කන්කෙඳිරියට මේ සරළ උදාහරණයකි.

මිනිසාට පොදු මතයක් නැති නිසා මිනිසාගෙන් අනෙක් මිනිසුන් ආරක්ෂා කිරීමට වාහන වේග සීමා මාර්ග නීති යොදා ගන්නවා මෙන්ම කඩා වැටුණ ආර්ථිකය ගොඩ නැගීමට රාජ්‍ය පාලකයන් විසින් ගන්නා ප්‍රතිපත්ති තීරණයන්ට එරෙහිවීම යනු මිනිස් සමාජයේ ඉදිරි පැවැත්මට එරෙහි ක්‍රියාවකි. රාජ්‍ය ආදායම බිංදුවට වැටුණ නිසා පසුගිය වසරේ රජයේ සේවක මාසික වැටුප් දුන්නේද, කොටස් වශයෙනි. අද විසිදහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා කරන අරගලයේදී සෞඛ්‍ය සේවකයන් තම අයිතිවාසිකම් මුල් කොට රෝගින්ගේ ආරක්ෂාව බැහැර කර වර්ජන කරති.

බාල ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත් අඩංගුවට ගත් විට, මාලිමාවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු ඇමති කෙහෙළිය අත් අඩංගුවට ගන්නේ නැතිද කියා ප්‍රශ්න කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත් අඩංගුවට ගත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොවේද? යන්න මාධ්‍ය පෙරළා ඇසිය යුතුව තිබිණි. නෛතිකව මෙවැන්නක් කළ හැකිද? පවත්නා අධිකරණ කටයුත්තක් ගැන කතා කිරිමට පාර්ලිමේන්තුවට හෝ බැරිය. මේ ප්‍රකාශය කරන්නේ ජෝෂප් ස්ටාර්ලින් නම් වෙනම කතාවකි. උගත්කම හැදියාව රාජ්‍ය සේවා අත්දැකීම් පළපුරුද්ද අනුව වෛද්‍ය නලින්ද ජයතිස්ස නම් මේ ජවිපේ කාඩරයාගේ පෙනී සිටිම මහාචාර්ය අයිවෝර් ජෙනින්ස් කී ආකාරයට නො සතුටට පත් එකෙකුගේ කන්කෙඳිරියකි. අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් සිටීමට හෝ ඉවසිල්ලක් නැත. ජෝෂප් ස්ටාර්ලින් උදාහරණයට ගත් හේතුවත් පැහැදිලි කළ යුතුවේ. වෛද්‍ය වරයෙකු ගෙන් සමාජය අපෙක්ෂා කරන වෘත්තිය සංවරය වෛද්‍ය නලින්ද ජයතිස්ස තුළ නැතිවා මෙන්ම ගුරු වෘත්තිකයෙකු සතු සංවරවය ඔහු පාසල් නොයන ගුරු වැුටප් පමණක් ලබමින් ගුරුන්ට නායනත්වයට දෙන ජෝෂප් ස්ටාර්ලින් තුළද නැති නිසාය.

මාලිමා වෙනුවෙන් දැඩිව පෙනී සිටින මගේ මිත්‍රයෙක් පසුගියදා රජයේ ආයතන විකිණීම ගැන කතා කළේය. ලංකා විදුලි බල මණ්ඩය විකිණීම නිසා එහි සේවය කරන අතිරික්ත දහස් ගණනකට කුමක් සිද්ධ වේදැයි ඔහු විමසීය. වන්දි ගෙවා සේවය අවසන් කරනු ඇත යයි මම වහා පිළිතුරු දුනිමි. එතකොට ඔවුන් ජීවත් වන්නේ කෙසේද? ඒ මා අපේක්ෂා කළ ප්‍රතිචාරයයි. ඔබත් සේවයෙන් ඉවත් වුණේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමකදී කැමැත්ත පළ කිරිමෙන් නේද? ඔහු ඔව් නො කියා නිහඬ විය. අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැන්වීම පිළිගත් ක්‍රමයක් වන අතර ඊට එරෙහිව කරුණු දක්වන ඔබට ඒ ගැන ඇති සදාචාර අයිතිය කුමක්දැයි මට ඇසීමට සිදුවිය. අතිරික්තය පමණක් නො ලංවිම කාර්ය මණ්ඩල විසින් ගෙවිය යුතු උපයන විට ගෙවන බද්ද පවා ආයතනයෙන් ගෙවනු ලැබේ. ලංවිම පාඩු ලබන විට, අතිකාර අමතර දීමනා සහ සේවක බදු ගෙවීමට ලංවිමය ආයතනික දේපල ඇපයට තබා බැංකු වලින් ලබා ගත් කෝටි ගණනක ණය බර නිසා රාජ්‍ය බැංකු මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයද මුහුණ දෙන අර්බුදයට මාලිමාව දෙන විසඳුම වහා කිව යුතුවේ. වරාය, ඛණිජ තෙල් සංස්ථාව, ලංවිම ශ්‍රී ලන්කන් ගුවන් සේවය පක්ව ඇති මූල්‍ය අවදානම් හමුවේ බෝනස් අතිකාල නතර කළ විට වෘත්තීය සමිති වැඩ වරමින් කීවේ ඔවුන් ලබා ගත් පුද්ගලික ණය ගෙවන්නේ මාසික අතුරු දීමනා වලින් බවය. ලංකාව රටක් ලෙස කරන්නේත් ආයතනවලට අනවශ්‍ය ලෙස සේවකයන් ඇතුල් කර පාඩු ලැබිය හැකි ආයතන විනාස කිරිමය. ඒ හරහා දේශිය බදු සහ විදේශ විනිමය අහිමිව පවත්නා අර්බුදය තුළ බංකොලොත්ව සිටිති. වෘත්තීය සමිති වැටුපෙන් ජොලි කර මදි පාඩු සඳහා ගන්නා ණය ගෙවන්නේ රාජ්‍ය ආයතන ආයදමෙන් නම් මේ ආයතන පුද්ගලික අංශයට පැවරීම අසාධාරණ නැත.

සියල්ල අසා සිටි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය මගේ හිතවතා මෙසේ ඇසීය.
“ඒ කියන්නේ රනිල් අතිරික්ත සේවකයන් ගෙදර යැවීම නතර කරන්නේ නැහැ.
“ඒක කරන්නේ මම නොවේ. ඒත් රට වෙනුවෙන් එවැනි තීරණයක් ගැනීමට රාජ්‍ය පාලකයා ක්‍රියා කරමින් සිටිනවා. අතිරික්ත සේවක නඩත්තුව, උපයන විට බද්ද ගෙවීම පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපාර අඩාල කර පුද්ගලික අංශයෙන් විදුලිය ගැනීම වැනි ආයතනික වශයෙන් හානිකර දේ නිසා විදුලි බිල වැඩි වීමෙන් පීඩාවට පත් රටේ ජනතාව එය අනුමත කරුයි කියා මම විශ්වාස කරනවා. එසේ නොවී අතලොස්සක් සේවක සුභ සිද්ධිය වෙනුවෙන් කෝටි ගණනක් විදුලි පාරිභෝජකයන් ලංවිම වැනි ආයතන විකිණීමට විරුද්ධ වුණොත්.. එය තවත් අරගලයකට මුල පුරණු ඇත.

මිය යන තෙක්ම වාමවාදි ප්‍රගතිශීලි නිදහස් චින්තකයෙකු ලෙස ක්‍රියා කළ රන් බණ්ඩා සෙනෙවිරත්නගේ ලංකාවට අලුත් දේශපාලනයක් නමින් 1999 ඔක්තෝබරයේ භාෂා තුනෙන්ම ලියා පළ කළ කෘතිය කියවන ලෙස මම ආරාධනා කරනු කැමැත්තතෙමි.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

ranbanda

Last modified on Friday, 22 December 2023 14:02

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us