ප්‍රසාද් වීරසිංහගෙන් "කවියක් බිමින් තබමි"

Published in කලා
Thursday, 28 August 2014 10:32
නව පරපුරේ කවියකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.
 කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.
 
 කාව්‍යකරණයෙහි ලා ප්‍රසාද් කුසලතා  පළකළේ පාසල් සමයේ පටන්මය. මාතෘකානුකූල පද්‍ය රචනාකරණය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ  දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙන් අනතුරුව සිය නිර්මාණ පළ කිරීමේ අවකාශය ලෙස ඔහු 'තොටුපොළ' බිත්ති පුවත්පත තෝරාගත්තේය. අනතුරුව, www.sandapahana.blogspot.com තම බ්ලොග් අඩවිය ඔස්සේ සහ අනෙකුත් සාහිත වෙබ් අඩවි හරහා කාව්‍ය නිර්මාණ සයිබර් අවකාශයට එක් කළේය. දිවයින, රාවය, ලක්බිම, පුවත්පත්වල කවි පිටු ද ප්‍රසාද්ගේ කවියෙන් සැරසිණ.
 
 සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.
unnamed
 
Last modified on Thursday, 28 August 2014 10:41

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us