මංජුල වෙඩිවර්ධනගේ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක‘‘ එළිදකී

Published in කලා
Wednesday, 10 September 2014 14:30

manjula-wediwardanaමංජුල වෙඩිවර්ධනගේ 6වැනි කාව්‍ය සංග්‍රහය ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ නමින් මුද්‍රණ ද්වාරයෙන් එළි  දැක ඇත.  ‘සම’ ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති අභිනව කාව්‍ය සංග්‍රහය කවි 50කින් සමන්විතය. 

 කලාකරුවන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සමාජ ක්‍රියකාරිකයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම සහෘද හමුවේදී ‘සම‘ ප්‍රකාශක සංජීව වඩිගමංගාව විසින් මෙම කෘතියේ පළමු පිටපත නිර්ව්‍යාජ කලාකරු ජයතිලක බණ්ඩාර සහෝදරයන් වෙත පිරිනමනු ලැබිණ.


අනතුරුව කවිය නියෝජනය කරමින් කිවියර අනුර කේ. එදිරිසූරිය, නාට්‍ය කලාව නියෝජනය කරමින් නාට්‍යවේදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය සහ ජනමාධ්‍ය නියෝජනය කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර යන මංජුලගේ මිත්‍රවරයන්ට පොත් පිරිනැමුණි. 


 මෙම සහෘද හමුවට සහභාගී වූ සෙසු ක්‍රියාකාරිකයන් වූ හරිමන් කුමාර, උදය කළුපතිරණ, මහින්ද නාමල්,පිලිප් දිසානායක, ලාල් ලක්ෂ්මන්, ලක්මාලි ප්‍රනාන්දු සහෝදරතුමිය, දයානන්ද රත්නායක, සමන් ජයතිලක, සම්පත් සමරකෝන්, තරංගනී රෙසිකා ප්‍රනාන්දු සහ ලාලිත රාජපක්ෂ යන සියල්ලන්ටම ‘සම‘ ප්‍රකාශන හිමිකරු සංජීව වඩිගමංගාව වෙතන් ‘‘නිදි නැදි නිර්මල ඇසක අගිස්සක කඳුළක පිරිනැමුණි.

මෙහිදී ජයතිලක බණඩාරයන්ගේ සමාජ මෙහෙවර අගයා කිතුසර කණ්ඩායමේ මහින්ද නාමල් කෙටි දෙසුමක් පැවත්වූ අතර මංජුලගේ කවිය අරභයා කිවියර අනුර කේ. එදිරිසූරිය විසින් කෙටි දෙසුමක් පැවැත්විණ. සහෘද සභාව මෙහෙයවන ලද්දේ තරංගනී රෙසිකා ප්‍රනාන්දු විසිනි.


ෂේන් මැකෙල්වි සමග 1997දී නිරුත්තර සමාධිය පළකළ මංජුල වෙඩිවර්ධන ඉන් අනතුරුව2002දී පිළිහුඩුවී, 2007දී මධුසඳිනි මධුවිත, 2010දී මාතෘකාවක් නැති මාතෘභුමිය හෙවත් දෙමළ කවි සහ 2011දී ඇහැළ ඇමතුමකට ඇහැරෙමි යන කාව්‍ය කෘති මුද්‍රණ ද්වාරයෙන් පළ කළේ ය.  දැනට දේශපාලන සරණාගතයකු වශයෙන් ප්‍රංශයේ ජීවිත් වන මංජුල පිටුවහලේ හිඳිමින් පළකළ තැන්වැනි කවිපොතයි ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක‘.

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us