සිය චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට මුලදී අනුමැතිය පළ කර සිටි රැඟුම් පාලක මණ්ඩලය පසුව මෙවැනි තීරණයක් ගෙන ඇති බව සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.
අදාළ දර්ශන ඉවත් කිරීමෙන් සිය නිර්මාණය සම්පූර්ණයෙන්ම විකෘති වන බව පවසන අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා, රැඟුම් පාලක මණ්ඩලයේ නව තීන්දුව සිය නිර්මාණය වාරණයට ලක් කිරීමක් ලෙස හැඳින්විය.
ආදරය සහ අවබෝධය
“මේ චිත්‍රපටය පශ්චාත් යුද තත්වය විග්‍රහ කෙරෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇත්තටම ජාතීන් අතර එකිනෙකා අතර අවබෝධය වගේම ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක්. එය කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු ආයතනයකට එරෙහි චිත්‍රපටයක් නෙවෙයි" යනුවෙන් ප්‍රසන්න විතානගේ මහතා සිය සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.
කෙසේ නමුත් ඒ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා සංදේශයට වැඩි දුරටත් කියා සිටියේය.
මේ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකරගේ අදහස් දැන ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
