සිරිත වන්දනා කීරීම නැවතත් වේදිකාවට

Published in කලා
Saturday, 06 December 2014 10:38

Bertolt Brecht ගේ ' he who says yes' වන කෙටි නාට්‍ය' සිරිත වන්දනා කිරීම'ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි . මුල්වරට 'සිරිත වන්දනා කීරීම' ශ්‍රී ලාංකීය වේදිකාව මත රඟ දැක්වුණේ 1987 දීය. 27 වසරකට පසුව නැවතත් නාට්‍ය වේදී විජිත ගුණරත්නගේ අධ්‍යක්ෂණය යටතේ ' සිරිත වන්දනා කීරීම' 2014 දෙසැම්බර් 14 වැනිදා ඉතාලියේ Brescia හී සාන්ත අෆ්රා දේවස්ථාන රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

27වසරකට පසුව 'සිරිත වන්දනා කීරීම' නැවත නිෂ්පාදනය කීරීම සදහා ජනරැඟුම් මණ්ඩපයේ නාට්‍ය කණ්ඩායම සහ විවර පාසලේ ශිෂ්‍ය ශිෂාවන් මුලික වී ඇත.
සිරිත වන්දනා කීරීම නැවත වේදිකාවට ගෙනෙන්නට ලැබීම ගැන සහ සිරිත වන්දනා කිරීම බිහිවීම පිලිබදව නාට්‍යවේදී විජිත ගුණරත්න දරණ අදහස මෙලෙසය ,

'සිරිත වන්දනා කීරීම' පරිවර්තනය කරන්න මාව යොමු කළේ ලංකාවේ නාට්‍ය ශේෂ්ත්‍රය දියුණු කරන්න මහත් වෙහෙසක් දැරූ නාට්‍යවේදියෙකු වන එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ නාට්‍ය හා කලා අංශය බාරව සිටි බන්දුල ජයවර්දන මහතායි . 80 දශකයේදී සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෙහෙයවපු සංස්කෘතික පාසලක් තිබුණා. බන්දුල ජයවර්දන මහත්තයා ඒක බාරදුන්නේ මට . සිරිත වන්දනා කීරීම පළමුවරට කළේ ඒ පාසලේ ශිෂ්‍යන් සමගයි . මේ නාට්‍ය හරහා කලා ශේෂ්ත්‍රයට ආපු අය ගොඩක් විවිධ කලා අංශ වල ඉන්නවා. ඒ අය ලංකාවෙත් ලංකාවෙන් පිටතත් විසිරිලා ඉන්නවා .
විශේෂයෙන්ම අපි බ්‍රෙෂ්ට් ගැන කථා කරනකොට, බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පිළිබඳව හදාරණකොට, බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය මුලදර්ම ගැන කතාකරනකොට, ඒවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මූලික ගුණාංගයන් මේ නාට්‍යයේ තියෙනවා .


පැන්ස තුනේ කතාව , හුණුවටයේ කතාව වගේ ඒවල තියෙන්නේ බ්‍රෙෂ්ට් එයාගේ දැනුම මුහුකුරා ගියාට පසුව කල රචනාවන් . ඒ වගේම නාට්‍ය නිෂ්පාදන ක්‍රමවේදයේ ඉතාම ඉහළට ආපු තැන් . නමුත් මේ මුල් අවදියේ නාට්‍ය වල තියෙනවා බ්‍රෙෂ්ට් යෝජනා කරපු එපික් රංග ක්‍රමය කොහොමද අපි අත්හදා බලමින් ගොඩනගන්න ඕනා කියලා ගත්ත උත්සාහයට පදනම් වෙච්ච කාරණා.


ඉතිං මම හිතනවා මේ නාට්‍ය හරි වැදගත් කියලා . මොකද අපිට වැඩකරන්න වෙලා තියෙන්නේ සමාජ දේශපාලන සංස්කෘතික වශයෙන් අවබෝදය අඩු අයත් එක්ක . ඒ වගේ අයත් එක්ක වැඩ කරනකොට ඒ අයට කියාදෙන්න පුළුවන් හොඳ පාඩම් ගොඩක් ' සිරිත වන්දනා කීරීම' තුළ තියෙනවා . ඒවගේම මේ නාට්‍යයේ අර්ථ ගණනාවක් තියනවා .


මෙය සම්ප්‍රදායික කතාවකි.ගුරුවරයෙක් ,ශිෂ්‍යන් සහ සාමාන්‍ය වැසියන් අතර සිදුවෙන මුලික සංවාදයක් තුළින් ඉදිරිපත් වී ඉන්පසුව සම්ප්‍රදාය බිඳිනවද , සම්ප්‍රදාය රකිනවද කියන විප්ලවවාදී අදහසට යොමු කිරීමක් ' සිරිත වන්දනා කීරීම' තුළ වෙි. මේ නාට්‍ය දෙවන නිෂ්පාදනය කරන්නේ ලංකාවෙන් බැහැරව ඉන්න අයත් එක්කයි . ලංකාවෙන් බැහැරව ඉන්න සහ ලංකාවේ ඉන්න සංස්කෘතික , දේශපාලනික , ආර්ථිකමය තත්වයන්වල නිපුනත්වයක් නැති කොටස් සහ කණ්ඩායම් සමඟ වැඩ කරද්දී ඒ අයට කියා දෙන්ඩ පුළුවන් හොඳම පාඩම් තමයි මේ වගේ බ්‍රෙෂ්ට් යෝජනා කරපු කෙටි නාට්‍ය තුළ තියෙන්නේ . ඒ නිසා මම හිතනවා මේ නාට්‍ය මේ කාලයට බොහොම වැදගත් කියලා .


සිරිත වන්දනා කීරීම ජනරැඟුම් මණ්ඩපයේ ඉදිරිපත් කිරීමකි . දුලාල් ඉන්දික (පොතේගුරු) , හිල්මි සුපුන් (ගුරුතුමා) , ශ්‍රියානි ජයසිංහ (මව) , සසිඳු අමයංග (පුතා ), ළමා කණ්ඩායමේ පිරිස ලෙස භාග්‍යා නවෝදි, ඉසුරි සම්මානි ,අවිශ් සචින්ත , සවිදු සංදීප රංගනයෙන් දායක වන අතර සුමිත් පීරිස් සංගීතයෙන්ද , විනීතා කුසුම් , ශකිලා ඈන් ,රෝයිමෙරිල්, ජූඩ් නිශාන්ත, රංගන පෙරේරා පසුබිම් ගායනයෙන් සහය දක්වයි .

si-1

si-2

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us