ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් ස්විස් රටේදී ‘බ්ලැක් ඇන්ඩ් වයිට්‘ සහ ‘කලර්ස්‘ පෙන්වයි

Published in කලා
Wednesday, 11 February 2015 13:30

ස්විට්සර්ලන්තයේ ''ඩී සුඩ්ඔස්ට්ස්වයිස්'' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂී සූබ්‍රමනියම් ගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස් (Glarus) ප්‍රාන්තයේ Lintharena SGU හීදී පැවැත්වේ.

Street/Candid photography තේමා කරගත් මේ ඡායාරූප ප්‍රදර්ශනයට වර්ණ සහ කළු සුදු ඡායාරූප 19 ක් ඇතුලත් වේ. Street photography හෙවත් ‘වීදි සේයාරූ‘ වර්තමානයේ ප්‍රචලිත ඡායාරූප කලාවක් වන අතර Henri Cartier-Bresson, Robert Frank, Garry Winogrand, Bruce Davidson, Elliott Erwitt වැනි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් මෙහි පුරෝගාමින් සේ සැලකේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පෙබරවාරි පළමු වැනිදා පැවැති අතර එහීදී ශෂී සූබ්‍රමනියම් Street photography පිළිබඳ පැයක සංවාදාත්මක සාකච්ඡාවකට එක් විය.

සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ග්ලාරුස් කලා සංගමයේ සභාපති කැස්පර් මාර්ටින් විසිනි.

එම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලනඥයන් , කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ. ප්‍රදර්ශනය එළැඹෙන මැයි මස දක්වා පැවැත්වේ.

ශෂී සූබ්‍රමනියම් ශ්‍රී ලංකාවේ සිංහල පුවත් පත් කීපයක නිදහස් මාධ්‍යවේදියකු ලෙසද, සිරස රුපවාහීනියේ ප්‍රවෘත්ති නිෂ්පාදකයකු ලෙස ද කටයුතු කෙළේය. ශ්‍රී ලංකාවේ පැවැති මාධ්‍ය මර්දන යුගයේදී ඔහු ස්විට්සර්ලන්තයට දේශපාලන රැකවරණ පතා ගියේය. ශෂී සූබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට මධ්‍යවේදිනියක් වූ සුනේත්‍රා ඇතුගල්පුර මහත්මියගේ ස්වාමි පුරුෂයා ය.

ප්‍රදර්ශනයට තබා ඇති මෙහි දැක්වෙන එක් සේයාරුවක කුඩා බයිසිකලයක් පදිමින් සිටින්නේ ද කවුරුත් දන්නා ලංකාවේ මාධ්‍යවේදියෙකි.

(ලංකා ඊ නිව්ස් )

photograpy1

photograpy2

photograpy3

photograpy5

photograpy6

photograpy7

photograpy8

photograpy9

photograpy4

Leave a comment

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us