සේරසිංහ, ඇහැලේපොළ කුමාරිහාමිටත් කපලා

Published in කලා
Sunday, 20 July 2014 10:07

පිටපත් හැටක් මුද්‍රණය කිරීමට අවසර දීමෙන් පසුව ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත‍්‍රපටයේ මුදාහැරිය හැක්කේ පිටපත් 35ක් පමණක් බවට නියම කිරීම බලවත් අසාධාරණයක් බව එහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා පවසයි.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා විසින් මෙය තමන්ට කළ බලවත් අසාධාරණයක් බවද කී ඒ මහතා මෙසේද කීය.

''අපි මේ චිත‍්‍රපටය වෙනුවෙන් පිටපත් 65ක් තිරගත කරන්න අවසර ඉල්ලා සිටියා. එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීම මත පිටපත් 60කට අවසර ලැබුණා. ඒ අනුව අපි පිටපත් 60ක් මුද්‍රණය කළා.

දැන් චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා අපට දන්වා තිබෙනවා මුදා හරින්න අවසර දෙන්නේ පිටපත් 35ක් පමණයි කියලා. මේක බලවත් අසාධාරණයක්.

අපි චිත‍්‍රපටය හැදුවේ අතිවිශාල මුදලක් යොදවලයි. ඉන්දියාවේ මේ පිටපත් මුද්‍රණය කළෙත් විශාල මුදලක් වැය කරලයි. මෙවැනි පසුබිමක මේ විදියේ තීරණයක් ගැනීම වැරදියි''

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us