ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඩ්ස් "ස්නේහ වර්ෂා" ගෙන එයි

Published in කලා
Tuesday, 24 March 2015 16:27

ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් බිහිවූ ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ එකමුතුවක් වූ "ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඩ්ස්" සංවිධානය මඟින් පළමු වරට ඉදිරිපත් කරන "ස්නේහ වර්ෂා"සංයුක්ත තැටිය මෙම මස 30 වන දින සව්ස 6.00ට මරදාන ටවර් හෝල් රඟහලේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව කෙරෙන මෙම නිර්මාණ කටයුත්ත සඳහා තිළිණි රුද්‍රිගූ, මදුරංග සමරසිංහ, පේෂල මනෝජ්, චරිත් රුමයංග යන කලාකරුවන්ගේ මියුරු හඬ එක්ව තිබේ. මෙහි ඇති ගීත 3ක් 2005 වසරේ තිරගත වූ ඉන්දීය චිත්‍රපටයක් වූ රේන් කෝට් හී මුල් ගී තනුවලට අනුව සිංහල භාෂාවෙන් ගායනා කෙරේ.

තවද මෙදින ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායම ද ප්‍රසාංගික නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ශාන්ති නිකේතන් ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායමේ සභාපති ලෙස චන්දන වික්‍රමසිංහ ද ලේකම් ලෙස තිළිණි රුද්‍රිගූ යාදව් ද කටයුතු කරයි.

රටපුරා විසිර සිටින ගුරු දේව් රවීන්ද්‍රනාත් තාගෝර් තුමාට ආදරය කරන සුවහසක් ජනතාවට මෙම 30 වන දින සන්ධ්‍යාවට එකතුවන ලෙසටත් එතුමාගේ දර්ශනයට අනුව ලෝකය එකම ගම්මානයක් යන සංකල්පයට ගරු කරන ඉන්දියාවේ ඉගෙනුම ලැබූ කලා ශිල්පීන්ට ශාන්ති නිකේතන් ‍ෆ්‍රාන්ඩ්ස් සමඟ එකතුවන ලෙසත් මෙම කණ්ඩායම විවෘත ආරාධනවක් කරයි.snehevarsha-4snehevarsha-3snehevarsha-2snehevarsha-1

snehevarsha-5

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us