"හංස විලක්‌" සිනමා උළෙල හෙට සිට..

Published in කලා
Friday, 03 April 2015 15:45

"හංසවිලක්‌" සිනමා උළෙල හෙට (04) සහ අනිද්දා (05) යන දිනවල ජාතික චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

අතීත සිනමාවේ සොඳුරු මතකයන් යළි පුබුදුවලමින් සිනමාවේ සුන්දරත්වය විඳ ගැනීමටත්, සිනමාවේ හෙට දවස භාර ගන්නා තරුණ්‍යයට පෙර දවස සිනමාව අධ්‍යයනය කිරීමටත් "හංස විලක්‌" ඔස්‌සේ අවස්‌ථාව ලැබේ.

අග්‍රගන්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ජෙම්ස්‌ පීරිස්‌ මහතාගේ අනූහය වැනි ජන්ම දිනයද ඉරිදාට (5) යෙදී තිබේ. එනිසා "හංස විලක්‌" ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ ලෙස්‌ටර් ජෙම්ස්‌ පීරිස්‌ගේ චිත්‍රපට දෙකකින් වීමද විශේෂත්වයකි. ආචාර්ය පීරිස්‌ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක්‌ද එදින සවස 6.00 ට එම ස්‌ථානයේදීම පැවැත්වේ. පසුදා එනම් 6 වැනිදා "යථාර්ථය µeන්ම සියක්‌ද" යන මැයෙන් පස්‌වරු 4.00 ට කථිකාවක්‌ද තරංගනී ශාලාවේදී පැවැත්වේ. "හංසවිලක්‌" උළෙලේ පළමුදිනය එනම් 04 වැනිදා පෙරවරු 10.30 ට "නිධානය", පස්‌වරු 2.30 ට "තුන්වෙනි යාමය" සහ පස්‌වරු 6.30 ට "දෙලොවක්‌ අතර" තිරගත වේ. 05 වැනිදා පෙරවරු 10.30 ට "මේ මගේ සඳයි", 2.30 ට "ආකාස කුසුම්" සහ 6.30 ට "නායකන්" තිරගත වේ.

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us