‘මාරු තඩම්' චිත්‍රපටයට යාපනයේදී තහනමක් !

Published in කලා
Friday, 25 July 2014 21:58

අද (25) පස්වරු 3.30 ට යාපනයේ රාජා චිත්‍රපට ශාලාවේ ආරාධිත දර්ශනයක් ලෙස තිරගත කරමින් තිබූ ‘මාරු තඩම්' දෙමළ චිත්‍රපටය විනාඩි 10 ක් ඉක්ම යත්ම අතරමග නවතා දැමූ බව යාපනයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

තිරගත වෙමින් තිබූ චිත්‍රපටය තිර ගත කිරීම නැවැත්වූ සංවිධායකයන් රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ට නිවේදනයක් කරමින් පවසා ඇත්තේ නොවැලැක්විය හැකි කරුණක් නිසා චිත්‍රපටය පෙන්වීම අත්හැර දැමීමට සිදුවන බවයි.

‘මාරු තඩම්' චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන රමනදාස් හට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව විසින් මෙම චිත්‍රපටය ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට ලිඛිත අවසරයක් පවා ලබාදී තිබිණ.

අධ්‍යක්ෂක රමනදාස් ස්විස්ටර්ලන්තයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි.

මෙම ‘මාරු තඩම්' චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන් බටහිරට සංක්‍රමණය වූ තරුණයෙකු සමාජීය හා සංස්කෘතික වශයෙන් මුහුණපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන චිත්‍රපටයකි.

එහි කිසිදු ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රශ්න සාකච්ඡා නොවුනත් 'නාදුනන පිරිසක්' විසින් චිත්‍රපටය තිරගත කිරීමට බාධා කිරීම තේරුම් ගත නොහැකි බව මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කළ පුද්ගලයෙකු ප්‍රකාශ කර සිටියේය.

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us