සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල පෙබ 03 දා

Published in කලා
Monday, 25 January 2016 17:08

ජනාධිපති- සරසවි -ස්වර්ණ සංඛ ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක 2014 වසරේදී lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මෙතෙක් මේ රටේ පැවැති සාහිත්‍ය සම්මාන උළෙල මගින් නවකතාවේ -කෙටි කතාවේ කවියේ සහ ළමා සාහිත්‍ය යේ නිරතවී සිටි ප්‍රවීණ පිරිසක් පමණක් වරින්වර හැමදාමත් සම්මාන දිනාගනිද්දී සිය පළමු නවකතාව - පළමු කෙටිකතා සංග්‍රහය -පළමු කාව්‍ය සංග්‍රහය - පළමු ළමා කෘතිය ලියා පළ කළ ලේඛකයන් කිසිදු විනිශ්චය මණ්ඩලයක අවධානයට ලක් නොවී යටපත් වූයේය.
Lankalivestar.comවෙබ් අඩවියේ අවධානය යොමුවූයේ ඒ පිරිසගේ කෘතීන් ය.

ඒ අනුව මේ රටේ පළමු වරට ප්‍රථම නවකතාව- පළමු කෙටිකතා සංග්‍රහය - පළමු කාව්‍ය සංග්‍රහය- පළමු ළමා කෘතිය ලියා පළ කළ ආධුනික-ප්‍රවීණ ලේඛක- ලේඛිකාවන්ගේ කෘති සැලකිල්ලට ගනිමින් සයිබර් අවකාශ සම්මාන නමින් සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය පෙබරවාරි 03 දා සවස 3.00 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශාලාවේදී පැවැත්වෙයි.

එම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමීම සඳහා නිර්දේශිත කෘති මෙසේය.
------------------

කාව්‍ය සංග්‍රහ - ලාල් හෑගොඩ සම්මානය

-සැදෑ යාමය- සිරිනිමල් ලක්දුසිංහ
කාගෙද වසන්තය- ජයතිලක කම්මැල්ලවීර
ආලවක ආලිංගන- චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
මිත්‍රවරුණි, විප්ලවය සිදු වුයේ නැත- චිරන්ත ජයසේන
අගුලු ලූ හැගුම් දොර- නිශාන්ත මල්ලවාරච්චි

විනිශ්චය මණ්ඩලය- තිඹිරියාගම බණ්ඩාර... උපුල් සේනාධිරගේ.. අජිත් නිශාන්ත ගමරාල.. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.. ජයසිරි අලවත්ත‍‍..

කෙටිකතා- අජිත් තිලකසේන සම්මානය

බර්ට්‍රම් නිහාල්- තහනම් ගහේ ඇපල්
ඩබ්.ඒ.එන්.ඒ විජේසූරිය- විසංවාදය
නිශාන්ත වැලිඅංග- සමරදිවාකරගේ භාර්යාව

විනිශ්චය මණ්ඩලය-.. ටෙනිසන් පෙරේරා-.අනුරසිරි හෙට්ටිගේ.. ගුණසිරි සිල්වා

නවකතාව- සයිමන් නවගත්තේගම අනුස්මරණ සම්මානය

නැදිමාලේ miniහෙක් -පාස්වර්ඩ්
කෞශල්‍ය කුමාරසිංහ- මේ රහස් කවුළුවෙන් එබෙන්න
චම්පා වෛද්‍යතිලක- ඇදහිය නොහැකි නිහඩතාවය

විනිශ්චය මණ්ඩලය- සමන් වික්‍රමාරච්චි
පියල් කාරියවසම්
අරුණ ලොකුලියන‍


මීට අමතරව සිසු නිර්මාණ තුනක් සම්මානයට පාත්‍ර කෙරෙන අතර සිසු නිර්මාණ විස්සක් කුසලතා සහතික පිරිනැමීමට නියමිතය.

සම්මාන අනුග්‍රහය සරසවි/ ගොඩගේ/සදීපා/සමයවර්ධන/දයාවංශ ජයකොඩි සහ ප්‍රකාශකයන්ගෙනි

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us