කුමාරදාස සපුතන්ත‍්‍රී ගීතාවලෝකනය - භාවමය රළ නඟන ගී ඉවුර

Published in කලා
Tuesday, 16 August 2016 11:10

‘‘තීර්ථය” සුභාවිත ගී රස වින්දන වැඩසටහනේ පළමු පියවර ප‍්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ අගෝස්තු මස 20 වැනි සෙනසුරාදා ප.ව. 7.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වේ. ප‍්‍රවීණ නිවේදක, ගේය පද රචක නිලාර් එන් කාසිම්, කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ සංවාදගත වෙමින් මෙහෙයවන වින්දනාත්මක කතා බහක් සමඟ, ප‍්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර ප‍්‍රමුඛ වාද්‍ය වෘන්දයේ මියැසි නදට හඬ මුසු කරන්නේ ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නව පරපුරේ දුමාල් වර්ණකුලසූරිය, මීනා ප‍්‍රසාදිනී විසිනි.

45 වසරක සපුතන්ත‍්‍රී ගී මඟ විමසා බැලෙන ‘‘සපු මල සුවඳම ය.’’ ග‍්‍රන්ථය මෙම වැඩසටහනේ දී එළිදක්වන්නට නියමිත ය. සංස්කරණය පමදා සුහර්ෂී විසිනි. සරසවි ප‍්‍රකාශනයකි.

ප‍්‍රවීණ ගේය පද රචකයකුගේ ගී නිර්මාණ එහි පසුබිම් කතා, ගීතයෙහි සංගීතයෙහි සුවිශේෂතා, එහි අධ්‍යාත්මික සමාජමය වටිනාකම් විවරණය කරමින් ප‍්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් සමඟ ඉදිරිපත් කරන වින්දනාත්මක ගී දැහැනක් ලෙස ”තීර්ථය” එහි සංවිධායක කමිටුව විසින් හඳුන්වා දෙනු ලැබේ. සුභාවිත ගීතයේ, සංගීතයේ මිහිර විඳිමින් රස වින්දනයේ නව්‍ය ඉසව් සොයා ගමන් කරන්නට පදනමක් සැකසීම මෙහි මූලික පරමාර්ථය බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

tirta 2

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us