IHA ඒකකය නේවාසික විදේශිකයන් ගසා කන තැනක්ද?   Featured

Tuesday, 07 May 2024 12:34

2019 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organisation for Migrants- IOM) ජාත්‍යන්තර සංවිධානය සමග එක්වී ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන නේවාසික වීසා සහිතව සිටින විදේශිකයන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති Inbound Health Assessment Unit නම් සෞඛ්‍ය ආයතනය විදේශිකයන් ගසා කන ආයතනයක් බවට චෝදනා එල්ල වී ඇත.

සෑම වසරකම විදේශිකයන් 60,000 කට වැඩි පිරිසක් දිගුකාලීන පදිංචි වීසා සඳහා අයදුම් කරන අතර ඔවුන්ගෙන් 60% ක් පමණ ශ්‍රී ලංකාවට වඩා වැඩි රෝග අවධානමක් ඇති රටවලින් පැමිණේ. ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ඉහළ සෞඛ්‍ය ප්‍රමිතීන් භුක්ති විඳින අතර බොහෝ බෝවන රෝග මැඩපත්වා ඇති රටකි.

මේ අනුව මෙරටට පැමිණෙන දිගුකාලීන පදිංචි වීසා අයදුම්කරුවන්ගේ රෝග නිවාරණය සම්බන්ධයෙන් දැඩි අවදානයක්ද යොමු කර ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කිරීම සහ වංචා වැලැක්වීම සඳහා ක්‍රමවේදයක් ලෙස පුළුල් අරමුණු සහිත තොරතුරු පද්ධතියක් සමඟින් මෙම සංක්‍රමිණකයන්ගේ සෞඛ්‍ය තක්සේරුව වෙනුවෙන් Inbound Health Assessment Unit පිහිටුවන ලදී. මෙහි ප්‍රධාන පාර්ශවකරුවන් සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආගමන සෞඛ්‍ය ඒකකය (IHU) සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (DIE) ආරක්ෂිතව සම්බන්ධ කිරීමට පද්ධතිය බලාපොරොත්තු විය. මීට අමතරව, ක්ෂය රෝග පාලනය සහ ළය රෝග සඳහා වන ජාතික වැඩසටහන (NPTCCD), ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහන (NSACP), මැලේරියා මර්දන ව්‍යාපාරය (AMC) සහ Filariasis විරෝධී ව්‍යාපාරය (AFC) නේවාසික වීසා බලපත්‍ර අයදුම්කරුවන් තවදුරටත් පසු විපරම් කිරීම සඳහා පද්ධතිය සම්බන්ධ කරයි.

කෙසේ නමුත් එම ආයතනය පිහිටු වීමේදී සඳහා දරණ වියදම සම්පූර්ණ වන තෙක් අවුරුදු එකක කුඩා දරුවෙන්ගේ සිට එක් අයදුම් කරුවකුගෙන් ඩොලර් හැත්තෑවක මුදලක් පරීක්ෂණය සඳහා අයකරගැනීමට ගිවිසුම් ගත වන අතර එයින් ඩොලර් 13ක ට මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් මේ සඳහා වියදම් වූ මුදල සම්පූර්ණ වූන පසු එම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් එකඟතාවය පළ වී තිබිණි. මෙය කැබිනට් මණ්ඩලය අනුමත කළ ගිවිසුමකි.

පසුගිය වසරේ අගභාගය වන විට වියදම් සමුපූර්ණ කර ගැනීම සිදු තිබුණු අතර ඒ අනුව මේ වන විට එම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම සිදු විය යුතුව තිබිණි. එහෙත් එම පැවරීම සිදු නොකරමින් තව දුරටත් මෙම ආයතනය පවත්වාගෙන යමින් විදේශිකයන් ගසා කමින් තමන්ගේ මඩිය තර කරගැනීමට වෛද්‍ය නිළධාරීන් පිරිසක් සූක්ෂමව කටයුත් කරන බව දැන ගැනීමට ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ එක් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්ගේ ගෝලයෙක් යැයි කියන ලබන වෛද්‍යවරයෙක් මෙම ආයතනයේ ප්‍රධානියකු ලෙස ලක්ෂ පහළොවක පමණ වැටුපකට සම්බන්ධ කර, ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම වලක්වා එය තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට කටයුත් කර ඇති බවත් දැන ගැනීමට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් නොමග යවමින් එය සිදුකර ඇත. මේ සඳහා රුපියල් කෝටියක් පමණ මුල්‍ය පරිත්‍යාගයක්ද සිදු කර ඇති බව දැනගැනීමට ඇත.

එසේම ගිවිසුම් ප්‍රකාරව විදේශිකයන්ගෙන අය කළ යුත් මුදලට වඩා වැඩි මුදලක් එනම් ඩොලර් සියයක පමණ මුදලක් අය කර ගැනීමද සිදු වෙන බවට පොලිසිය විසින් පවසා තිබේ.

මෙහි ඇති බයංකර තත්වය නම් මෑත කාලීනව ලංකාවේ රැකියාව කරන විදේශිකයන් අතර ක්ෂය රෝගය ඇතුළු රෝග පැතිරීමේ ප්‍රවණතාවයන් වර්ධනය වීමය. රෝග බහුලව පැතිරීමට එක් ප්‍රධාන හේතුවක්ව ඇත්තේ මෙම ආයතනය ඩොලර් සියයකට ආසන්න අය කිරීම, ලංකාවේ ඉතා ඈත ප්‍රදේශවල අවුරුදු දහය පහළොව පදිංචිව සිටින විදේශිකයන් පවා සෑම අවුරුද්දකම විශාල මුදලක් වැය කර මෙම ආයතනය පිහිටි කොළඹට පැමිණ දින දෙක තුන නවාතැන් ගැනීමට සිදුවීම, ගමන් වියදම් අධික වීම වැනි හේතු නිසා විදේශිකයන් වෛද්‍ය පරීක්ෂණ නොකර මඟ හැර සිටිම සිදුව ඇත. ඒ නිසා රෝග පාලනයට අභියෝගයක් එල්ල වී ඇත. එමෙන්ම පවතින දුෂ්කර තාවයන් නිසා එම ප්‍රදේශවල මේ කටයුතු පහසුවෙන් කර දීමට මුදල් ලබා ගන්නා ප්‍රාදේශීය හොර ඒජන්තයෙන් බිහිවීමද සිදු ඇත.

කෙසේ නමුත් මෙම IHA ආයතනය මගින් වෛද්‍ය පරීක්ෂණ සිදු කරන විදේශිකයන්ට ඉන් එහාට රෝගයක් හෝ හදිසි අවස්ථා සඳහා ප්‍රතිකාර නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයත් බැඳී සිටි. ඒ අනුව මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ලබා ගත්තා නම් මෙම කටයුතු සාධාරණ මුදලකට පහසුවෙන් ප්‍රාදේශීය මට්ටමින් රජයේ රෝහල් හරහාම සිදු කිරීමේ හැකියාව ඇත. එසේම පෞද්ගලික රෝහල් හරහා සිදු කිරීමේ ක්‍රමවේදයක්ද සැකසිය හැකිය.

නේවාසික විදේශිකයන් සඳහා වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීම සඳහා බලය ලබාදී ඇත්තේ මෙම IHA ඒකකයට පමණක් බැවින් කිසිම පෞද්ගලික රෝහලකට විදේශිකයන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවක් ද දැනට නොමැත

මේ වන විට විදේශික සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාවට පැමි‌ණෙන විදේශිකයන් අතර දීර්ඝ කාලීනව මෙරට වාසය කිරීමේ කැමැත්තෙන් පසුවන්න ද විශාල ප්‍රමාණයක් සිටී. නමුත් ඔවුන් වෙත ලැබිය යුතු පහසුකම් නියමාකාරයෙන් නොලැබේ නම් එයින් ගසා කෑමක් සිදු වේ නම් එයින් පාඩුව සිදු වන්නේ රටටය. එසේම රටේ කීර්ති නාමයටත් කැළලකි.

ලක්ෂ පහළොවක පමණ වැටුපක් සහ තවත් වරප්‍රසාද භුක්ති විදින මෙහි ප්‍රධානියකු වන වෛද්‍යවරයා සහ ලක්ෂ හතක පමණ වැටුපකට හිමිකම් කියන සෙසු වෛදළ්‍ය වරුන්ටද මේ ඉහළ ආදායම් මාර්ගය රැක ගැනීම වෙනුවෙන් සටකපට කම් රැසක් සිදු කරමින් තිබේ.

මෑතකදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හරහාම ශ්‍රී ලංකා වරායට, ජපන් ආධාර යටතේ මුදල් පරිත්‍යාග සිද්ධ කරන්නෙත් මෙම ආයතනය පවත්වාගෙන යෑමේ අරමුණින් බව කියවේ.

කොහොම නමුත් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ඉහළ නිලධාරීන් මෙම IHA ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කැමැත්තෙන් සිටින නමුත් මෙම ආයතනය තමන්ගේ මඩිය තරකරගැනීමේ ඉල්ලමක් බවට පත් කරගෙන සිටින පිරිස ඒ වලක්වාමින් තිබේ.

.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us