ඔබ මැරුණට පස්සෙ facebook ගිණුමට මොකද වෙන්නේ?

Published in අනං මනං
Friday, 13 February 2015 13:15

ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි.

තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා. ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.


ඔවුන් හඳුන්වාදෙන්නට යන අලුත්ම විශේෂාංග තමයි ෆේස්බුක් ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.

ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා.

ඒ වගේම අවශ්‍යනම් මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද මෙහිදී ඇතුලත් වෙනවා. නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට ෆේස්බුක් වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා. ඒ වගේම තමන්ගේ Facebok wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාවද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

(hiru)

facebook1

facebook2

facebook3

facebook4

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us