රට ඉල්ලා සිටි සංහිඳියාව මෙය නොවේද?

Wednesday, 04 March 2015 11:06

උතුරත් දකුණත් බෙදා වෙන්කරගෙන රට පාලනය කිරීම වඩා පහසු යැයි කල්පනා කළ යුගය දැන් අවසන්ය.රට එක්සේසත් කළා ඒකීය කළා යනුවෙන් කළ ව්‍යාජය ගැන මෙරටේ පොළවේ පයගහගෙන සිටි කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

පැවැති රාජපක්ෂ පාලනය තුලත් දැන් යළි රාජපක්ෂව අවශ්‍ය යැයි කියන සිංහල ජාතිවාදීන්ට නියම පිළිතුර මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දී තිබේ. පසු ගියදා උතුරේ මහ ඇමැතිවරයා විසින් යෝජනා සම්මත කොට ගන්න ලද යෝජනාවක් නිසා සිංහල ජාතිවාදීන්ද, දෙමළ විමුක්තිකාමය තමන් තුල වෙතැයි කියමින් සිටි ඇතැමුන්ද ඊට එරෙහිව මත පළ කරන ලද්දේ උතුරේ දෙමල සංහාරයක් කෙදිනකවත් වූයේ නැති බවට මහා තරක විතර්ක ගොඩක් ඇද දමමිනි. උපන් ගෙයි ජාතිවාදීන් නොවුනත් සිංහල මහ ජාතියේ මහන්තත්ත්වකමට තමතමන්ගේ පීඩක විරෝධි, ව්‍යාජ ‍රැඩිකල් භාවයන්ද යම් දිනක ගොදුරුවන බව මේ සිදුවීමෙන් මනාව ඔප්පු විය.

ඒ එසේ වුවත් යළි සිංහල ජාතිවාදයට එසවීමට වලිකන ඉතා සුළු පිරිසක් සිටියද ඊට කිසිසේත්ම සිංහල සමාජය ඉඩ දිය යුතු නැත. උතුරේ දෙමළා ජාතිවාදය අවියක් කොට ගන්නේ සිංහලයාගේ නරක භාවිතාවට එරෙහිව මිසක් රට බෙදා වෙන් කර ගැනීමට නොවන බව විග්නේශ්වරන්ගේ යෝජනාව තුලද පැහැදිලිය.උතුරේ දෙමළ සමාජය ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව තමන්ට වූ අසාධාරණය පිළි ගන්නා ලෙසය. එය ශිෂ්ඨ සම්පන්න සිංහලයා පිළිගත යුතුව තිබේ. ඒ වරද නිවැරදි කළ යුතුව තිබේ. ඔවුන්ට යුක්තිය ඉ‍ටුකළ යුතුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේත් දකුණේත් වෙන් වෙනව නොව සමස්ථ රටක් ලෙස සලකා සිය පාලනය ගෙනයනු ඇතැයි උතුරේත් දකුණේත් ජනතාවගේ අපේක්ෂාවය. එක රටක් තුල භාෂා කිහිපයක් සංස්කෘතීන් කිහිපයක් පැවැතීම රටේ සංස්කෘතිකමය ශිෂ්ඨ සම්පන්න භාවය තවත් දියුණු කරනවා හැර රට ආපස්සට ගෙන යාමක් වන්නේ නැත. වෙනස් අනන්‍ය තාවයන්ට අවශ්‍ය නිදහස, අයිතිය සුරක්ෂිත කිරීමේ පාලන ක්‍රමවේදයක් මිස අපට බෙදුම්වාදී යුද්ධයක් අවශ්‍ය නැත. එවැනි යුද්ධයක් අවශ්‍ය වී තිබෙන කල්ලි කණ්ඩායක් කිහිපයක් තවමත් සිටින බව නුගේගොඩදීත් මහනුවරදීත් යාපනයේදීත් වූ සිදුවීම වලින් පෙනෙන්නට තිබුණත් ඒ තීරණාත්මක ලෙස පරාජය කළ යුතුව තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අවශ්‍ය ශක්තිය තිබේ යැයි අප විශ්වාස කරමු.

my3 go to jafna 1

my3 go to jafna 2

my3 go to jafna 3

my3 go to jafna 4

my3 go to jafna 5

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us